
IOC ඉන්ධන මිල වැඩිකර ඇති බවට සංසරණය වන පණිවුඩ අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ලංකා IOC හෝ සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුනොකළ බවද ඔහු පැවසීය.
මහජනතාව නොමඟ යවන ව්‍යාජ පණිවුඩ පතුරවන සහ හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



















































