
සමගි ජන බලවේගය සිය විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කර තිබේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එරෙහිව ය.
කථානායක නිල නිවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (03) පස්වරුවේ මෙම විශ්වාසභංග යෝජනා භාරදී ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ,
"අද දින අපි, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයටත් විරුද්ධව විශ්වාසභංග දෙකක් කථානයකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. අපි අදහස් කරනවා ඊළඟ දිනයේ සිටම හැකි ප්‍රථම අවස්ථාවේදීම මේවා විවාදයට භාජනය කොට ඡන්දයකට යොමුකරන්නට කථානායකවරයා විසින් ඉක්මනින්ම කටයුතු කරයි කියලා."
"ඒ වාගේම මේ විශ්වාසභංග යෝජනාවලට පක්ෂ, විපක්ෂව මහජන නියෝජිතයින් සිටින ආකාරය අනුව ඒ අය කොයි පැත්තේද සිටින්නේ කියලා දැනගන්න පුළුවන් වෙයි."
"දුක්විඳින ජනතාවගේ පැත්තේද? එහෙම නැතිනම් රට විනාශ කරන ආණ්ඩුව පැත්තේද? කියලා."
"ඒ තීන්දුව ගැනීමේ අවස්ථාවත් ඒ තීන්දුව ගත් මහජන නියෝජිතයින්වත් රටට පෙන්නුම් කරන අවස්ථාවක් බවටත් මෙය අපිට හඳුන්වන්න පුළුවන්."
https://youtu.be/lvkA5Bgs8b0
















































