
බෙලරුස් දේශසීමාවේදී රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්රේනය එකඟ වී තිබේ.
විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කළේය.
මේ අතර මේ වනවිට රුසියානු හමුදා සෙබළුන් රැසක් යුක්රේන හමුදා භාරයට පත්ව සිටින අතර ඇතැමුන් පවසා තිබුණේ තමන් යුද්ධයකට යන බව දැන නොසිටි බවය.
එමෙන්ම රුසියානු සෙබළු යුක්රේන සාප්පු සංකීර්ණ සහ දේශ සීමාවේ පිහිටි මුදල් හුවමාරු මධ්‍යස්ථාන වෙත කඩාවැදී මුදල් සහ භාණ්ඩ සොරකම් කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් ද සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
රුසියානු හමුදාවලට එරෙහිව යුක්රේන සිවිල් වැසියන් රැසක් මේ වන විට ස්වේච්ඡාවෙන් සටන් බිමට පිවිස ඇති අතර හමුදාවට බැඳීමට කැමැත්තෙන් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි වුණි.
එරට හිටපු රූ රැජිනක වන ඇනස්ටාෂියා ලෙනාද මෙසේ හමුදාවට එක්වූ පිරිස අතර වේ.
කෙසේ වෙතත් දරුණු යුද ගැටුම් නිසා භීතියට පත්ව රටින් පළාගොස් ඇති යුක්රේන වැසියන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි.
















































