header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කියුව් නගරයේදී රුසියාව ට අපේක්ෂා නොකළ තත්ත්වයක්
Feb 26, 202202:20 PM
කියුව් නගරයේදී රුසියාව ට අපේක්ෂා නොකළ තත්ත්වයක්
Mobitel 1278

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් යුක්‍රේනය සමග සාකච්ඡාවලට කැමැත්ත පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කියුව් නගරයට මේ වනවිට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියුව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ, ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වන අතර රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බවය.

එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් කුමන තත්ත්වයක වුවද තමන් යුක්‍රේනය අතහැර නොයන බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,

"සියලුදෙනාටම සුබ සන්ධ්‍යාවක්, අපගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා මෙහි සිටිනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මා සමග සිටිනවා. අගමැතිවරයාත් මෙහි සිටිනවා. ජනාධිපති උපදේශකවරයාත් මෙහි සිටිනවා. ඔබගේ ජනාධිපතිවරයාත් මෙහි සිටිනවා. අපගේ හමුදාවන් සහ පුරවැසියන් ද මෙහි සිටිනවා. අපි සියලුදෙනාම අපේ රටේ නිදහස සුරැකීමට මෙහි සිටිනවා. ඒ වගේම අපි තවදුරටත් එය සිදුකිරීමට සූදානම්. අපගේ ආරක්ෂකයින් සදා දිනේවා, යුක්‍රේනයද සදා දිනේවා,
අපගේ වීරයන්ද සදා දිනේවා."

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් යුක්‍රේන හමුදාවට පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඔහු යුක්‍රේන හමුදාවට දැනුම් දෙන්නේ සිය නායකයා බලයෙන් පහකර තමන් අතට බලය ලබාගන්නා ලෙසය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්,

"නැවතත් මම යුක්‍රේන ආරක්ෂක අංශයන්ගෙන් අයදිනවා. ඔබගේ දරුවන්, බිරින්දෑවරුන් සහ වැඩිහිටියන් මානව පළිහක් ලෙස භාවිත කිරීමට නාසි කණ්ඩායම් වෙත අවස්ථාව ලබාදෙන්න එපා.
ඔබගේ බලය ඔබේ අතට ගන්න. ඒ තුළින් අපිට එකඟවීම් ඇතිකර ගැනීමට පහසු අවස්ථාවන් උදාවනවා. නැත්නම් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වු නාසි කණ්ඩායම් කියුව් බලය අත්පත් කරගනිමින් සමස්ත යුක්‍රේනයේම ජනතාව ප්‍රාණ ඇපයට ගනීවි."

එමෙන්ම රුසියානු ජනාධිපති පුටින් යුක්‍රේනය සමග සාකච්ඡා සඳහා කැමැත්ත පළකර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යුක්‍රේන ආක්‍රමණය කිරීම හෙළාදකින යෝජනාව සිය නිශේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමට රුසියාව පියවර ගත්තේය.

යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස රුසියාව, අදාළ යෝජනාවට එරෙහිව සිය නිශේධ බලය භාවිත කිරිම හමුවේ මෙම යෝජනාව අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එය රුසියාවට සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් බවය.

මේ වනවිට කියුව් නගරයට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතී.

රුසියානු හමුදාවන් මේ වනවිට කියුව් අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය අත්පත්කර ගෙන තිබේ.

ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200ක් සහ එයාර්බෝන් හෙවත් ගොඩබෑමේ බළකායක් යොදාගත් බවට සඳහන්ය.

මේ අතර කියුව් ආසන්නයේදී පැරණි සෝවියට් සමූහාන්ඩුවවේ ධජය සහිතව ගමන් ගත් රුසියානු යුද ටැංකියක් ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

රුසියාව කිසිදා බලාපොරොත්තු වූවාට වඩා ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් කියුව් අගනුවරදී මුහුණ දීමට සිදුව තිබේ.

යුක්‍රේනය අවි දැරිය හැකි සියලුම පුරවැසියන්ගෙන්, සිය මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටි අතර සටන් බිමට පිවිසීමට ඔවුන්ට අවි ආයුධ ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත එක්වී තිබුණි.

ඒ අතර කියුව් වෙත ඇතුළුවීමට පවතින ප්‍රධාන මාර්ගයක් හරහා ඇති පාලමක් පුපුරවා හැරීමටත් යුක්‍රේනය කටයුතු කර තිබේ.

යුක්‍රේන හමුදාවේ ඉංජිනේරු බලකායේ සෙබළෙක් පාලම පුපුරුවා හැර ඇත්තේ රුසියානු ගමන අඩපන කිරීම වෙනුවෙන් සිය ජීවිතයද අහිමිකර ගනිමිනි.

රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය විසින් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා රුසියාව තාප බෝම්බ (Thermobaric) යොදාගැනීමට ඉඩකඩ පවතින බව බටහිර රටවල් අනතුරු අඟවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව සිදුකරන ගොඩබිම් සටන්වලදී රුසියාවට අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රතිප්‍රහාර එල්ලවීම නිසා ඔවුන්ගේ යුද සැලැස්ම ප්‍රමාදවීම මීට ආසන්නතම හේතුව බවය.

න්‍යෂ්ටික නොවන සියලු බෝම්බවල පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම බෝම්බ මෙතෙක් නිපදවා ඇති බලවත්ම න්‍යෂ්ටික නොවන අවි අතර ප්‍රධානත්වයක් උසුලයි.

මේ අතර මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ යුද ගැටුම්වලට මැදිව සිටින යුක්‍රේන සාමාන්‍ය ජනතාව දෙසටය.

පැය 48ක කාලය තුළ 50,000කට ආසන්න වැසියන් පිරිසක් පෝලන්තය, මෝල්ඩා, රුමේනියාව ඇතුළු අසල්වැසි රටවල්වලට පළා ගොස් තිබුණි.

කියුව් නගරය ගුවන් ප්‍රහාරයන්ට ද ලක්වෙමින් පවතින අතර, නගරවාසීන් රැකවරණය පතා භූගත දුම්රිය ස්ථානවලට එක්රොක්ව සිටී.

ජනතාව විශාල වශයෙන් ගම් බිම් අතහැර පළායාම හේතුවෙන් කියුව් දුම්රිය සේවාවන්හි දැඩි තදබදයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වයස අවුරුදු 18 ත් 60 ත් අතර සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කර ඇති පසුබිමකය.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ