header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රුසියාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේදීත් පුටින්ට එරෙහිව විරෝධතා
Feb 25, 202207:26 PM
රුසියාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේදීත් පුටින්ට එරෙහිව විරෝධතා
Mobitel 1278

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාව ඇතුළු තවත් රටවල විරෝධතා ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු රජය විරෝධතාකරුවන් 1,400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.

ශ්‍රී ලංකාවේ රැඳීසිටින යුක්‍රේන සංචාරකයින් ද රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවයක් සිදු කර තිබුණි.

ඒ අද කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදීය.

මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා භට පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත ඇමරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථාන ගත කිරීමට පියවර ගෙන තිබේ.

රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම අමෙරිකානු ආරක්ෂක අංශ ජනාධිපති ජෝ බයිඩන් වෙත යෝජනා කර තිබේ.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රුසියානු හමුදාවන්ට අවශ්‍ය අතිරේක පහසුකම්, භට පිරිස් ප්‍රමාද කරවීම, රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය සහ විදුලිබල පද්ධතිය අඩපණ කළ හැකි බවය.

කෙසේ වුවද මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක් අවසන් නියෝගයක් ලබාදී නැතැයි අමෙරිකා පුවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර රුසියානු යුක්‍රේන යුද ගැටුම ගැන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පළ කළේ මෙවන් අදහසකි.

"මේ වෙනකොට කියුව්වලට 60km නෙමෙයි කියුව්වල ප්‍රධාන ප්‍රදේශයත් රුසියාව අල්ලගෙන ඉවරයි. මම එක එක හමුදා නිලධාරීන්ට වගේම ඒ රටේ සිටින අයට කතා කරනවා. ඒ අයගෙන් රුසියානු අය නෙමෙයි යුක්‍රේන් අය. නමුත් ඒ අය කිව්වේ කියුව්වල.. ඒ කියන්නේ අගනුවරේ ප්‍රධානම කොටසක් අල්ලගෙන කියලා. ලොකුම බියර් කර්මාන්තශාලාව තියෙන්නේ. ටැංකි ඇවිල්ලා එතන අල්ලගෙන තියෙනවා."

"මම දන්න තරමට දින දෙකක් ඇතුළත, යුක්‍රේන ජනාධිපතිවරයාව ඉලක්ක කර තියෙනවා කියලා ඔහුම ප්‍රකාශය කළේ නිකම්ම නෙමෙයි. ඔහුට ලැබිලා තියෙන ආරංචි මාර්ගවලින්. ඒක ඇත්තක්.
දැනට බලාපොරොත්තු වන විදිහට රුසියානු හමුදාව අද හෝ හෙට වෙනකොට යුක්‍රේන ජනාධිපිතවරයා කියුව් නගරයෙන් එළයට ගියේ නැත්නම් ග්‍රහණයට ගන්නවා කියන එක තමයි ඔවුන්ගේ ටාර්ගට් එක."

"ඒ තියෙන මිසයිල ප්‍රහාර ඊයේ ගහපු එකක්වත් වැරදුනේ නැහැ. ඊයේ එල්ල කරපු මිසයිල 83ම කිසිම තැනකින් ජනතාවට හානි වුණේ නැහැ."

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ