
යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය උත්සන්නවීම හේතුවෙන්, එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.
මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත පැය 24 (24x7) පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන ඇමතුම් අංක ද හඳුන්වා දී තිබේ.
ඒ අනුව +90 534 456 94 98 හෝ +90 312 427 10 32 දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
slemb.ankara@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද සම්බන්ධවී තොරතුරු ලබාගත හැකි බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි.
මේ අතර රුසියාව සහ යුක්රේනය අතර උද්ගතවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවටද එය අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකි බව වාර්තා වෙයි.
ඒ කොවිඩ් ව්‍යාප්තියෙන් පසු යළි හිස ඔසවමින් ඇති මෙරට සංචාරක කර්මාන්තයටය.
මෙරට සංචාරක කර්මාන්තය තුළ ඉහළ ප්‍රතිශතයක් සිටින්නේ රුසියානු හා යුක්රේන සංචාරකයන්ය.
එමෙන්ම රුසියාව හා යුක්රේනය මෙරට තේ අපනයනයේ ප්‍රධාන ගනුදෙනුකරුවන් දෙපළක් ද වෙයි.
















































