
ප්‍රවීණ ගායන ශිල්පිණී සංගීතඥ නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඉතාලියේ මිලානෝහිදී අද (17) පෙරවරුවේ ඇය හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.
මියයන විට 71 වන වියේ පසු වූ නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරනු ලැබීය.
1967 වසරේදී පළමු ගීතය පටිගත කළ නීලා වික්‍රමසිංහ මහත්මිය, 1974 වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකරගෙන තිබේ.
රන් ටිකිරි සිනා, දෑතට වළලු, වියෝ ගී ගැයෙනා, මේ දෙමන්සලේ, පුංචි සිතේ පුංචි සිනා, මේ අවන්හලේ වැනි ගීත තුළින් ඇය මෙරට ජනතාව අතර ඉමහත් ජනාධරයට පත්වුණි.



















































