header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජංගම දුරකථන ග්‍රාහකයින් ට පණිවුඩයක්
Oct 14, 202112:12 PM
ජංගම දුරකථන ග්‍රාහකයින් ට පණිවුඩයක්
Mobitel 1278

යම් ජංගම දුරකථන ග්‍රාහකයෙක් සිය සේවා සපයන්නා මාරු කිරීමට බලපොරොත්තු වන්නේ නම් සිය අංකය සමඟ ම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසම නීතිමය අනුමැතිය දී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ඕෂධ සේනානායක මහතා මේ බව අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ, ග්‍රාහකයින් ට සංඛ්‍යාත ලබාදීමට සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව තිබු බවය.

මේ අතර නම්බර් "පොර්ටබිලිටි සේවාව" සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

"අද අපි යම්කිසි සේවා සපයන්නෙකු සමග සිටියොත් අපි ඒ සේවාව ගැන සතුටු වුණත් නොසතුටු වුණත් අපිට වෙනසේවා සපයන්නෙකු ට යන්න බෑ මොකද අර අවුරුදු 10ක් පාවිච්චි කරපු මොබයිල් නම්බර් එක අතහැර ගන්න බෑ. ඒක අපේ නැෂනල් අයිඩින්ටිටි කාඩ් එක වගේ. මේක තමයි පාරිභෝගිකයාට තිබුණේ. නමුත් මම කියන්න කැමතියි අපිට අවශ්‍ය සියලුම නෛතික ආවරණයන් දැන් ලැබිලා තියෙනවා. අපි සඳුදා සියලුම සේවා සපයන්නන් ගෙන්වලා අපි අන්තිම ගෝ හෙඩ් එක දුන්නා ඒ අයට සෙන්ටල් ඩේටාබේස් එකක් හදන්න. ඉස්සරහට තමන්ගේ නම්බර් එක ඩයලොග්, මොබිටෙල්, හච්,එයාර් ටෙල් වෙන්න පුළුවන්. එතකොට සෙන්ටල් ඩේටා බේස් එකක් අවශ්‍යයි මේ සඳහා. අනෙක් රටවල ක්‍රමවේද අපි අධ්‍යයනය කරා. විශේෂයෙන් ම පාකිස්ථාන විදුලි සංදේශ නියාමන කොමිසම අපිට ගොඩක් උදව් කරා. ඒ අය මේක හොඳට ම කරපු අය. ඒ අය එක්ක එකතුවෙලා මේ ක්‍රමවේදය හදලා අපි සඳුදා මේක ලෝන්ච් කරා. දැන් තියෙන්නේ විදුලි සංදේශ ක්ෂේත්‍රයට භාරයක් මේක. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවශ්‍ය සියලුම අනුමැතිය සඳහා අද මම උදේ වෙනකොට අත්සන් කරලා ආවේ ඔක්කෝම ලිපි. නම්බර් පොර්ටබිලිටි එක ලබන මැයි මාසය වෙනකොට අවසන් කර ගන්න පුළුවන්. ඒ අය ඒකට හදනවා සංසඳයක්. ඒකෙන් ක්ලියරින් එක හදාගෙන තාක්ෂණික ක්‍රියාවලිය පමණයි මේකේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ.

මම කියන්න කැමතියි මේක ඉදිරියට යනවා. මේක විශේෂ දෙයක් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාවට. පාරිභෝගිකයන් ට තියෙන පාලනය සියයට සියයකින් නෙමෙයි 200කින් තියෙනවා. දැන් ඉස්සර වගේ පාරිභෝගිකයෙක් හිරකරගෙන තියා ගන්න බෑ කිසිම සේවා සපයන්නෙකු ට. අනිවාර්යයෙන් ම සර්විස් ලෙවල් උපරිම මට්ටමෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාරිභෝගිකයා රැඳී ඉන්නේ නෑ. පාරිභෝගිකයා යනවා වෙනත් සේවා සපයන්නෙකු වෙතට. අද මම වගකීමෙන් කියනවා අපේ පැත්තෙන් අවශ්‍ය අවසාන සියලු අනුමැතියන් දීලා තියෙන්නේ. අපිට ඉතුරුවෙලා තියෙන්නේ ලයිසන් එක දෙන්න විතරයි. එතැනින් ඉදිරියට මැයි වෙනවිට මේක අවසන් කරගන්න පුළුවන්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ