
රටතුළ කොරෝනා තත්ත්වය අති දරුණු බැවින් කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.
ඇය ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට නිවසටම වී ගතකරන ලෙසය.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයන බවත් මේ වනවිට මරණ ද විශාල වශයෙන් වාර්තා වන බවත් ය.
රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනය පහතින්...
2021.08.16 මාධ්_ය නිවේදනය (1) by poornima on Scribd

















































