
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
1950 මැයි මස 6 වන දින උපත ලබා ඇති ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.
වසරකට අධික කාලයක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් පැවසීය.
ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ ඒ මහතා මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේය.
කුලසිරි බුදවත්ත මහතා බුදවත්ත ගුරුකුලය මුලික කරගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන් පරපුරක සාමාජිකයෙක් විය.
මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ද වේ.
වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ ශිල්ප හදාරා තිබේ.
මේ වන විට ඒ මහතාගේ දේහය පීසීආර් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.


















































