
2019 පාස්කු ඉරිදා ප්රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සැනසීම වෙනුවෙන් බව ලෝරන්ස් රාමනායක පියතුමන් සඳහන් කරයි.
දෙරණ 'BIG FOCUS' වැඩසටහනේදී ද අද (04) අවධානයට ලක් කෙරුණේ දෙවසරකට පෙර සිදුවූ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධවය.
එහිදී අදහස් දක්වමින් සෙත් සරණ කරිටාස් අධ්යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් මේ බව පැවසීය.
"2019 අප්රේල් 21, 22, 23,24,25 මම හිටියේ මෝචරියේ. තමන්ගේ ඥාතියාගේ මිනිය හොයාගන්න බැරුව සමහර අය හැටන්වලින් ඇවිල්ලා තියෙනවා ඇඳිරිනීතිය අස්සේ. මෝචරිය කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නෑ. බොරැල්ල වටේ යනවා. අහන්නේ.., පියතුමනි පුතා ඉන්නව ද? මෝචරියේ. අපිට මෙහෙම කඳුළු උනනවා නම්., මේ අවුරුදු දෙකටම තාම පොළොවෙ කකුළ තියලා තැනි අය ඉන්නවා, රෝගීන් වෙලා 17 දෙනෙක්. ජීවිතාන්තය දක්වා ඇඳෙ ඉන්න වෙලා තියෙන අය 47 දෙනෙක්. මේ කිසිකෙනෙක් ජීවිතය හානි කරගත්තේ නෑ. ජීවිතය හානිකරගන්න හිසේ කෙස්ගානට හේතු තියෙනවා. සාධාරණයක් දෙන්න අපිට සැනසෙන්න කියලා ඉල්ලන්නේ ඒකයි. මේක තතෝලික සභාවේ හෝ කාදිනල් හිමිගේ සාධාරණයක් නෙමෙයි අපි ඉල්ලන්නේ. මේ දුක්විඳින් අයට දැනෙන්න දෙයක් දෙන්න කියලා ඉල්ලන්නේ," යනුවෙන් සෙත් සරණ කරිටාස් අධ්යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් පැවසීය.



















































