header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇමති කෙහෙළිය පැහැදිලි කරයි
Jan 26, 202111:48 AM
මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇමති කෙහෙළිය පැහැදිලි කරයි
Mobitel 1278

ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී යම් අයෙකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීමට රජයක් ලෙස බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (26) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ කොමිසමක් පත්කළේ එම අභිලාෂයෙන් බවය.

"අලුතෙන් මේ සම්බන්ධව සොයාබලල යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි කියන මතයේ බොහොම පැහැදිලිව රජයක් හැටියට ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි තීන්දු අරගෙන යම්කිසි කෙනෙකුට යම් අගතියක් සිදුවුණා නම් ඒ අගතිය වෙනුවෙන් කටයුතු කරන්න. බලාපොරොත්තු වෙනවා.."

පසුගිය 21 වනදා, ජනාධිපතිවරයා විසින් මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පරීක්ෂණ කොමිසමේ සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී.

විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

කොමිසමට පැවරී ඇති කාර්යයන් මෙසේය :

* මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතළ ගනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, බරපතළ ගනයේ අන්තර්ජාතික මානූෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතළ වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයාබැලීම.

* එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනාගැනීම සහ ඒ මත පදනම්ව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයාබැලීම.

* එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම.

* පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය.

අවශ්‍ය විමර්ශන සහ පරීක්ෂණ කිරීමටත් අවශ්‍ය පරිදි ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තා ඉදිරිපත් කිරීමටත් කොමිසමට බලය ඇත.

එමෙන්ම කොමිසම දැනුම් දෙනවිට අවශ්‍ය සහය සහ තොරතුරු සැපයීමට රාජ්‍ය අංශයේ අදාළ සියලු නිලධාරීනට නියම කරනු ලැබේ.

අවසන් වාර්තාව කොමිසම පත් කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට