
කොටි ත්රස්තවාදින් විසින් අරන්තලාවේ දී ඝාතනය කරන ලද හෑගොඩ ඉන්ද්රසාර නා හිමි ඇතුලුව භික්ෂුන් වහන්සේ ලා 32 නම සිහිකිරිමේ 33 වෙනි ගුණ සැමරුම නිරෝධායන නිති රීතිවලට අනුකූලව අරන්තලාව ශ්රී ඉන්ද්රසාර පිළිරුව අසල දී පවත්වනු ලැබිය.
මහා සංඝරත්නය විසින් හෑගොඩ ඉන්ද්රසාර පිළිරුවට මල් තබා උපහාර දැක්විමෙන් අනතුරුව බුද්ධ ශාසන සහ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්යාංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිස්චන්ද්ර, අම්පාර දිසාපති බී.එම්.එල්. බණ්ඩාරනායක, ශ්රී ලංකා යුද යහමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ යන මහත්වරැන් විසින් ද උපහාර එක් කර සිටියෝය.
පසුව මහා සංඝරත්නය ඇතුලු ගිහි පිරිස විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් මියගිය භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනු ලැබිය.
ඉන් අනතුරුව අරන්තලාව භුමියේ තැන්පත් කර ඇති හිමිවරුන් ගමන් කල බස් රථය ඇති ස්ථානයේ අධිෂ්ඨාන පුජාවක් පවත්වා තිබේ.
නැගෙනහිර පළාතට විශාල බෞද්ධ ප්රබෝධයක් ඇති කල අපවත් වි වදාල හෑගොඩ ශ්රී ඉන්ද්රසාර හිමියන් ගේ සේවය ශිෂ්ය භික්සුන් වහන්සේලා හැටියට නොකඩවා කරගෙන යන බව උතුරු නැගෙනහිර ප්රධාන අධිකරණ සංඝ නායක අම්පාර මහාවාපි විහාරාධිපති, අරන්තලාව බෞද්ධ මධ්යය්ස්ථානාධිපති පුලුකුණාව රජමහා විහාරාධිපති ශාස්ශ්රපති කිරිදිවැල සෝමරතන හිමියන් පැවසිය.
අරන්තලාවේ භික්ෂු ඝාතනය සමඟ මුළු රටම මළ ගෙයක් බවට පත් වු බව ද පැවසු උන්වහන්සේ, මෙම ප්රහාරයෙක් දිවි ගලවා ගත් අදා උල්පත බුද්ධසාර හිමියන් සහ හඟුරන්කෙත පුඤ්ඤාර හිමියන් අදත් රෝගතුරව සිටින බවද කියා සිටියේය.



















































