
ඊයේ(07) දිනයේ දී ඩුබායි සිට විශේෂ ගුවන් වාරයක් මඟින් මෙරටට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
පසුව ගුවන්තොටුලේ දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී උණ රෝගය වැළදී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කර තිබුණි.
ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදීයි.
මේ අතර, මෙරට සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 824 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනය තුළ තවත් කොවිඩ් 19 අසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ දිනයේ හඳුනාගත් අසාදිතයින් 27 දෙනා අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන්කළේ ඊයේ දිනයේ හඳුනාගත් අසාදිතයින් 27 දෙනා අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි.
හදුනාගත් තවත් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජික පවුලක බිලිඳෙක්.
අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයා බව තහවුරු වී තිබේ.





















































