header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
PCR පරීක්ෂණ ප්‍රමාද ඇයි ? ප්‍රතිදේහ පරීක්ෂණ එයිද ?
Apr 06, 202008:07 PM
PCR පරීක්ෂණ ප්‍රමාද ඇයි ? ප්‍රතිදේහ පරීක්ෂණ එයිද ?
Mobitel 1278

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන PCR පරීක්ෂණ යන්ත්‍ර 120ක් පමණ රට තුළ පැවතිය ද රජය භාවිතයට ගෙන ඇත්තේ ඉන් 7ක් පමණක් බව අනාවරණ වෙයි.

මෙම යන්ත්‍ර භාවිතයට ගතහොත් මෙරට තුළ ස්වයං නිරෝධායනයට ලක් වන සියලු රෝගීන් ඉතා කෙටි කලක් තුළ පරික්ෂා කර ඔවුන් ආසාදිතයන් ද නැත්ද යන්න තීරණය කළ හැකි බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

කොවිඩ්- 19 වෛරසය හේතුවෙන් පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දුරකථන ඔස්සේ 43,500 ක පිරිසක් නිරෝධායනය සඳහා ලියාපදිංචි ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

ඉන් 18,000 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායන කටයුතු අවසන් කළද තවදුරටක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය තුළ පුද්ගලයින් 25,500 කට වැඩි පිරිසක් රැඳි සිටියි.

මෙවන් පසුබික නිරෝධායනය අවසන් කළ දෙදෙනෙකුටද නැවත කොවිඩ් -19 වෛරසය වැළදි ඇති බව තහවුරු වුණි.

නිරෝධායනයට ලක්වන සියලුදෙනා කොවිඩ් -19 වෛරස පරීක්ෂණයට ලක්කිරිමට නම් දැනට සිදුවන පරීක්ෂණ කටයුතු ඉතා විශාල වශයෙන් පුළුල් විය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කරන PCR පරීක්ෂණය දැනට රටතුළ සිදුවන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා ක‍ළේ රුධිර සාම්පල ලබා ගැනීම හරහා සිදුකරන ඇන්ටිබොඩි හෙවත් ප්‍රතිදේහ පරීක්ෂා කිරිමේ ක්‍රමවේදය වෙත යොමුවිය යුතු බවයි.

කොවිඩ් 19 වෛරස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා වෛද්‍ය සේවා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සිව් පුද්ගල කාර්ය සාධක බළකායක් නම් කළ අතර එම කමිටු වාර්තාව හෙට දිනයේ ලබාදීමට නියමිතයි.

PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරිම තුළින්ද ස්වයං නිරෝධායකයින් අති විශාල ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

දැනට රට තුළ සිදුවන PCR පරීක්ෂණය සිදුවන අතර එහි ක්‍රියාවලිය සොයාබැලිම සඳහා අද දෙරණ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගිය අතර එහිදි අද දිනයේත් වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත ජාත්‍යන්තර ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පරීක්ෂණ කිරිම සඳහා සැකකටයුතු රෝගින්ගේ ශ්ලේෂ්මල හෙවත් සෙම සාම්පල ගෙන එනු ලැබුවේය.

විශේෂ ආරක්ෂක බහාලුම් 3 ක් තුළ ඇසුරුම් කර එම සාම්පල රැගෙන එන අතර සාම්පල රසායනාගාරය වෙත යොමුකිරිමෙන් අනතුරුව විෂබීජ ව්‍යාප්ත නොවිමේ ආරක්ෂිත පියවරක් ලෙස එම බහලුම් පුළුස්සා විනාශ කරනු ලබයි..

PCR- පරීක්ෂණ යන්ත්‍ර දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල 54 කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සහ විද්‍යා පීඨ සහ අනෙකුත් පර්යේෂණ ආයතන යටතේ තවත් PCR පරීක්ෂණ යන්ත්‍ර 56 කට වැඩි ප්‍රමාණයක් පවතියි.

පුද්ගලික රෝහල් තුළද PCR පරීක්ෂණ යන්ත්‍ර 6 ක් පවතින අතර සමස්ථ යන්ත්‍ර සංඛ්‍යාව 116 ක්.

මෙවන් පසුබිමක PCR පරීක්ෂාව සිදු කරනු ලබන්නේ කරාපිටිය, මහනුවර, අනුරාධපුර, රාගම, යාපනය යන ශීක්ෂණ රෝහල් වල සහ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය යන ස්ථාන 7 කදී පමණයි.

මේ අතර මීට මාස 8 කට පෙර කෑගල්ල මහ රෝහල වෙත ගෙන්වු නවිනතම PCR යන්ත්‍රය ඉදිරියේදී භාවීතයට ගැනීමට සූදානම් බව වෛද්‍යවරුන් පවසයි.

ඒ අනුව PCR පරීක්ෂණ පුළුල් කර සියලුම නිරෝධායකයින් පරීක්ෂාවට ලක්කිරිමට බලධාරීන්ගේ අවධානය මේවන විට යොමුවී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

"ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්