
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඒ මහතා මේ බව අද (22) තහවුරු කළේය.
ඒ අනුව ශ්‍රී ලාංකාවෙන් වාර්තා වු චීන කාන්තාවද සමඟ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 82ක් බව ඒ මහතා වැඩිදුරත් සඳන් කර තිබේ.
මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍යන අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.





















































