
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වසන් කරමින් සිටි පුද්ගලයෙකු සහ ඔහුට අනුබල දුන් ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගිය දා ජර්මනියේ සිට පැමිනි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට.
ජර්මනියේ සිට පසුගිය 11වනදා ශ්‍රී ලංකික පුද්ගලයින් දෙදෙනකුගෙන් මෙරටට පැමින ඇත.
එයින් එක් පුද්ගලයෙකු තමන්ට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට වු සැකයක් මත IDH රෝහලට ඇතුලත්ව ප්‍රථීකාර සඳහා යොමු වි තිබේ.
නමුත් ඉහත සඳහන් කළ අනෙක් පුද්ගලයා ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි යන සැකය මත එය වසන් කරමින් විවිධ රෝහල් මගින් නිවසේ සිට ප්‍රථිකාර ලබා ගනිමින් සිටි ඇත.
ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා පිළිබඳ සොයා බැලීමේදී ඔහු අද (16) අයි.ඩී.එච් රෝහලට ඇතුලත්ව ඇති බව අනාවරණය වීය.
වයස අවුරුදු 48ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී එය වසන් කිරීම සම්බන්ධයෙන් සහ ඔහුට ආධාර අනුබල දුන් ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































