header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මෙරට පළමු කොරෝනා රෝගියා දින 6ක් රටපුරා සංචාරය කරලා
Mar 11, 202007:24 PM
මෙරට පළමු කොරෝනා රෝගියා දින 6ක් රටපුරා සංචාරය කරලා
Mobitel 1278

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේයි.

මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ මහතා ඉතාලි බස කතාකරන සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක්.

ඔහු අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටයි.

3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.

ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.

දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදායි.

ජයන්ත රණසිංහ මහතා සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය සෙසු සාමාජිකයින්ට අද එස්.එම්.එස්. පණිවිඩියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ, ජයන්ත මහතා ඇතුළු ඉතාලි ජාතිකයින් නවාතැන් ගත් හෝටල්වල රැඳී සිටියේ නම් කඩිනමින් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.

අද වනවිට කොරෝනා වෛරසය බවට සැකකෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශයේ නව තොරතුරුවල දැක්වෙයි.

ඒ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණි තවත් මගීන් 100 කට වැඩි සංඛ්‍යාවක් මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත අදත් යොමු කෙරුණි.

නිරෝධායන මධ්‍යස්ථානවලට මේ වනවිට යොමුකර ඇති සමස්ත ගණන 622 ක්.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙළට සහාය දෙන ලෙසයි.

කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස වර්ග කෙටි කාලයක් තුළ හඳුනාගැනීමේ පී.ආර්.සී.යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම අද සිදුකෙරුණි.

මෙය අග්‍රාමාත්‍යවරයා වෙත ලැබුණු පෞද්ගලික ත්‍යාගයක් වන නමුත් කාලීන අවශ්‍යතාව සලකා එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇත.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ මැදපෙරදිග,ආසියානු හා යුරෝපීය රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට