
මේ වසරේ පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පහත බැස තිබේ.
ලොව පුරා සංචාරකයින්ගේ පැමිණිම සියයට 17 යි දශම 7 කින් පහත බැස ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පෙබරවාරි මාසය තුළ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 7507 ක් වෙයි.
චීනයේ සංචාරකයින්ගේ පැමිණීම සියයට 92 යි දශම 5 කින් පහත බැස ඇති බව වාර්තා වෙයි.
එහෙත් රටවල් කිහිපයක සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ.
රුසියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 61 කින් ඉහල ගොස් ඇති අතර පෝලන්තය, යුක්‍රේනය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවලින් සංචාරක පැමිණීම ඉහල ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.



















































