header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නැවතුන තැනින් ඉදිරියට යන්න නැවත අවස්ථාව ලැබිලා-ගෝඨා
Sep 25, 201901:55 PM
නැවතුන තැනින් ඉදිරියට යන්න නැවත අවස්ථාව ලැබිලා-ගෝඨා
Mobitel 1278

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වල යහපත සඳහා ඇපකැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද(25) පැවැති සම්මේලනයකට එක්වෙමින්.

විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මේ වන විට ලෝකයේ රටවල් 108 ක පමන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරනවා. මින් වැඩි කොටසක් යන්නේ මැද පෙරදිග රටවලටයි.

අද දින මේ අවස්ථාවට සහභාගි වන වසර ගණනාවක් මැද පෙරදිග සේවය කර ලංකාවට පැමිණ සිටින ඔබට, දැනට සේවයේ යෙදී සිටින අයගේ පවුල්වලට විවිධ ප්‍රශ්න තිබෙනවා.

සේවය නිමවා පැමිණ සිටින අයගේ අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ විශ්‍රාමික වැටුපක් හෝ ජිවත් වීමට දිමනාවක් ලබා ගැනීමයි.

සේවය කරන අයටත් එවැනි ක්‍රමවේදයක් සකස් කර තිබීම සුදුසු දෙයක්.

මහින්ද රාජපක්ෂ මහතා කිසියම් ක්‍රමවේදයක් සකසන්න සූදානම් වුනත් ඒ අවස්ථාවේ එය කර ගැනීමට නොහැකි වුනා.

වැඩිහිටි වියට පත්වීමෙන් පසුව ජිවත් විය හැකි දීමනාවක් අවශ්‍යයි. ජීවිතය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සෞඛ්‍ය නිවාස පහසුකම් වැදගත්. මේවා රජයක් විසින් අනිවාර්යයයෙන් ලබා දියයුතු දේවල්. රටට විදේශ විනියම උපයන මොවුන් සේවය නිමවා පැමිණීමෙන් පසුව මේ පහසුකම් ලබාදීම හෝ සේවයේ යෙදී සිටින අයට කිසියම් ක්‍රියාමාර්ගයක් මඟින් මේ පහසුකම් සැපයීම අපේ ඉදිරි රජයක අරමුණයි.

විදේශ ගතව සේවය කරන අයගේ පවුල් සම්බන්ධයෙන් ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

නිසි ජාතික ප්‍රතිපත්තියකින් තොරව ක්‍රියාත්මක වීම අද ගැටලූ ඇති කරලා. සැලසුම් ප්‍රතිපත්ති තිබුණට මදි. ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති නායකත්වයක් දැක්මක් සහිත නායකයෙක් හා කණ්ඩායමක් අපේ රටට අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන ගියා. ව්‍යාපාර වගේම යටිතල පහසුකම සංවර්ධනය වුණා. ඒ හරහා රැකියා විශාල වශයෙන් උත්පාදනය වුණා. මේ සියල්ල කලේ සැලසුම වගේම සැලසුම් ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමක් අපි සමඟ සිටිය නිසයි.

විවිධ බොරු ප්‍රචාර, බලවේගවල බලපෑම නිසා 2015 දි ඒ සංවර්ධනය හා දියුණුව සම්පූර්ණයෙන් කඩා වැටුණා.

අද නැවතුන තැන සිට ඉදිරියට යන්න අපිට අවස්ථාව ලැබී තිබෙනවා. තරුණ තරුනියන්ට, ව්‍යාපාරිකයින්ට, ජනතාවට නැවතුණු රට ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් ලැබී තිබෙනවා.

ඒ අවස්ථාවේ අපත් සමඟ එක්ව සෞභාග්‍යමත් රටක් සහ අනාගතයක් බිහි කිරීම සඳ හා ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටිනවා.

විදේශ රටවල සේවය කළ හා සේවය කරන අයගේ පවුල්වල අභිවෘදිධිය වෙනුවෙන් අපි පෙනී සිටින බවත් සඳහන් කරනවා. “

MostRead
Mobitel 1278
VideoStories
ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්