රට ඉඳි සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදුකර නෑ

රට ඉඳි සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදුකර නෑ

May 6, 2017   03:10 pm



එළඹෙන රාමසාන් උත්සව සමයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රට ඉඳි සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැති බව මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට රට ඉඳි කිලෝග්‍රෑම් 01ක්  සඳහා අය කෙරෙන්නේ රුපියල් 60ක් වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද පමණක් බවය.

2015 වසරේදී රුපියල් 130ක් ව පැවැති එම බද්ද පසුගිය වසරේ නොවැම්බර් මසයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් රුපියල් 60 දක්වා අඩු කළ බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම බද්ද තවදුරටත්  දීර්ඝ කිරීමට පියවර ගත්ත ද එය නව බදු පැනවීමක් නොවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.