
කරඩියනාරු පොලිස් වසමට අයත් උරුකාමම් ප්‍රදේශයේ නිවසක දී මෙම දරුවා හමුවී ඇති බව අප වාර්තාකරු පවසයි.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවටගෙන ඇති බව ද අද දෙරණ වාර්තාකරු පවසා සිටියේය.
මේ අතර දරුවා සමඟ පැහැරගෙන ගියා යැයි සැකකෙරෙන තරුණයා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර දරුවා සගවා සිටි කදියනාරු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හා ඇගේ දියණියද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තවද මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේය.



















































