මහනායක හිමිවරුන්ට රජය ලබාදුන් ප්‍රතිඥා කඩකරලා

මහනායක හිමිවරුන්ට රජය ලබාදුන් ප්‍රතිඥා කඩකරලා

May 4, 2017   11:26 pm



ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්ථා කෙටුම්පතට අනුව මහනායක හිමිවරුන්ට රජය ලබාදුන් ප්‍රතිඥා කඩකර ඇතැයි ජාතික ඒකාබද්ධතා  කමිටුව පවසයි.

අද (04) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

ජනාධිපති නීතීඥ මනෝනාරද සිල්වා මහතා කියා සිටියේ රජය විසින් ලබා දුන් මෙම ප්‍රතිඥා මඟහැර ඇති බවයි.

බුද්ධාගම වෙනුවෙන් රජය විසින් යෝජනා කළ යෝජනා 07 සම්බන්ධයෙන් කිසිදු තැකීමක් සිදු කර නොමැති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේය.