සුල්ෆිකර් දිවයිනට එයි
May 4, 2017 09:55 pm
පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
වරායට පැමිණි නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගෙන ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව, ‘සුල්ෆිකර්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆයිසාල් ජාවිඩ් ෂෙයික් මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්රජ විජේගුණරත්න මහතා අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදුවූ බව නාවික හමුදාව සඳහන් කළේය.
එම සාකච්ඡාවේදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුවී තිබේ.
‘සුල්ෆිකර්’ නෞකාවේ සාමාජිකයින් නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රැසකට සහභාගී වන අතර ලබන 7 වනදා නෞකාව යළි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
