රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින්

රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින්

May 4, 2017   09:49 pm



විදෙස් රටවලින් ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය හා සෙසු භාණ්ඩ  පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදුකර සුදුසු දේ පමණක් රටට ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද(04) පෙරවරුවේ පැවති “ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ“ සමාරම්භක උත්සවයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කරගැනීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරෙන අතර 2020 වසර වන විට ගම් 15,000ක ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම මෙමගින් අපේක්ෂිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ඇති හැකි පිරිසකගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස අතර ද බෙදී යා යුතු බවයි.

රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව, මධ්‍යම පාන්තිකයින් බව තම විශ්වාසය බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.