තෙල් ටැංකි ගිවිසුමේ වැඩි ප්‍රතිලාභ ලංකාවට

තෙල් ටැංකි ගිවිසුමේ වැඩි ප්‍රතිලාභ ලංකාවට

May 4, 2017   06:02 pm

එළඹෙන වෙසක් උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණෙන්නේ ලංකා රජයේ ආරාධනය අනුව බවත් එහිදී කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවත් ඉන්දීය අභ්‍යන්තර ආරංචි මාර්ග අද දෙරණට වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව එහිදී ප්‍රමුඛත්වයක් ගන්නා බව වාර්තා වෙයි.

අදාළ අවබෝධතා ගිවිසුමට අනුව ත්‍රිකුණාමල තෙල් ටැංකි 99, ශ්‍රී ලංකා - ඉන්දියා ඒකාබද්ධ සමාගමක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

එහිදී ආයෝජනය ඉන්දියාව විසින් දරන අතර එම තෙල් ටැංකි 99න් 10ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ භාවිතය සඳහා ලබාදීමට ද එකඟතාව පළවී තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුමට අනුව එම තෙල් ටැංකි වසර 50ක කාලයක් ඒකාබද්ධ සමාගමට බදු පදනම යටතේ ලබාදෙනු ඇත.

2003 වසරේ සිට ලංකා අයි.ඕ.සී සමාගම විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක වාර්ෂික කුලී මුදලක් ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව ලබාදෙන අතර ඉදිරියට ද එය එලෙසම ලබාදෙන බව ඉන්දීය ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව සාම්පූර් හි මෙගා වොට් 50 - 100ත් අතර වන සූර්ය බලාගාරයක් ස්ථාපිත කිරීමට ද දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

එමෙන්ම මෙගා වොට් 500ක ස්වභාවික වායු නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ද අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වෙයි.

දඹුල්ල සිට ත්‍රිකුණාමලය දක්වා ඉදි කිරීමට යෝජිත අධිවේගී මාර්ගය සඳහා ද ආයෝජනය කිරීමට ද ඉන්දියාවේ එකඟතාව පළ කර ඇති බව ඉන්දීය ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම  යාපනය - මන්නාරම මාර්ගයත්, ත්‍රිකුණාමලය - මන්නාරම මාර්ගයත් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ එකඟතාව පළ වී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වුවද ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධනයේ දී ගන්නා ලද ඉතා වැදගත් තීරණයක් වශයෙන් මෙම ඒකාබද්ධ අවබෝධතා ගිවිසුම් පෙන්වා දිය හැකි බව ද ඉන්දීය ආරංචි මාර්ග සඳහන්