පොලීසියේ 149 නැවත සේවයේ පිහිටුවීමට පියවර
May 4, 2017 05:25 pm
ආධුනික පොලිස් සේවා කාලය තුළ විවාහවීම හේතුවෙන් රැකියාව අහිමි වූ 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් ලෙස බදවාගන්නා නිලධාරීන්ට වසර 03 කාලයක් යන තෙක් විවාහ වීමට අවසර ලබා නොදෙන බව සඳහන්ය.
ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු කල පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම පොලිස් කොමිෂන් සභාවේ අවසරය මත සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු , පොලිස් කොස්තාපල්වරුන් 132කු කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 13 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු මෙලෙස යළි සේවයේ පිහිටුවන බව සඳහන්ය.