පළමු කොඩිය ජනපතිටයි
May 4, 2017 05:19 pm
2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම අද(04) පෙරවරුවේ සිදුකර තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පළමු සමරු කොඩිය පැළඳවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙරට පැවති යුද්ධයේදී දිවි පිදූ හා තුවාල ලැබූ රණවිරුවන්ට කෘත ගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව රණවිරු මාසයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඊට සමගාමීව රණවිරු සමරු කොඩි අලෙවියද සිදුකෙරෙයි.
පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීමද සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
