ගීතාට දුන් තීන්දුව අධිකරණයේ වැදගත් තීරණයක්
May 3, 2017 06:23 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මෙරට ඉතිහාසයේ අධිකරණයක් විසින් ලබාදුන් ඉතා වැදගත් තීන්දුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (03) කොළඹ කැදවා තිබු මාධ්‍ය හමුවකදී ඊට එක්වු අමාත්‍යවරුන් මෙම අදහස් පළ කළේය.
ඔවුන් පවසා සිටියේ ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන තවත් මන්ත්‍රීවරුන්ට මෙම තීරණය ඉතා වැදගත් වනු ඇති බවයි.
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට ලබාදුන් තීන්දුව පිළිබදව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම මාධ්‍ය හමුවට එක්වු මහින්ද අමරව, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
