තහනම් ආම්පන්න යොදාගෙන ධීවර කටයුතුවල නිරතවූ 7ක් අල්ලයි

තහනම් ආම්පන්න යොදාගෙන ධීවර කටයුතුවල නිරතවූ 7ක් අල්ලයි

May 3, 2017   04:09 pm



තහනම් ආම්පන්න භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 7 දෙනෙකු මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

එහිදී තහනම් දැල් 4 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 6 ක්, සහ මසුන් කිලෝග්‍රෑම් 2210 ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.