නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ප්‍රකාශ කරන්න අනුමැතිය හිමිවෙයි
May 3, 2017 03:21 pm
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඊයේ(2) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම අනුමැතිය හිමිව ඇති බව සඳහන්වේ.
ආදායම් බදු නීතිය සරල කිරීම සහ නූතන තත්ත්වයන්ට ගැලපෙන පරිදි නැවත කෙටුම්පත් කිරීම සඳහා 2016 අය වැය මඟින් යෝජනා කර තිබුණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති දේශීය ආදායම් නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
