ඒකාබද්ධයෙන් අභියෝගයට අභියෝගයක්

ඒකාබද්ධයෙන් අභියෝගයට අභියෝගයක්

May 3, 2017   03:01 pm

හැකිනම් මැයි 1 වන දා ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්වන ලෙස ආණ්ඩුවේ පිරිස් අභියෝග කළ බවත් එම අභියෝගය ඉතා සාර්ථකව ජයගත් බැවින් හැකිනම් ඉතා ඉක්මනින් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (03) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

දේශද්‍රෝහි පාලනයට විරුද්ධ ජනතාව හා මහින්දට ආදරය කරන ජනතාව මැයි රැළියට එක් වු බවත් එම ජනතාව දැකීමෙන් හෝ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රටට අවශ්‍ය කුමක් ද යන්න වටහා ගනු ඇතැයි ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

මේ වන විට රටේ බලය සම්පූර්ණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති අතර ඉතා කඩිනමින් මැතිවරණයක් ඉල්ලා සිටින බව ද එම අභියෝගය රජය බාර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ ය.