ගංගා වැලි හිඟයට මුහුදු වැලි අලෙවි කරන්න කටයුතු කරනවා
May 3, 2017 02:37 pm
ගංගා වැලි හිඟයට විකල්පයක් ලෙස වෙරළට ඔබ්බෙන් පවතින මුහුදු වැලි ලබාගෙන පිරිපහදු කර අලෙවි කිරීමට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කටයුතු කරන බව රජය පවසයි.
ඉදිකිරීම් කර්මාන්තය සඳහා යොදා ගන්නා ගංගා වැලි හිඟවීම හේතු වෙන් වැලි මිල ගණන් ඉහළ ගොස් ඇති බව රජය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් ඊට විකල්පයක් ලෙස මෙම වෙරළට ඔබ්බෙන් වන මුහුදු වැලි ලබා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර ඒ සඳහා වැලි කැනීම් බලපත්‍රයද ලබා ගෙන ඇති බව රජය සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේදී මුතුරාජවෙල ප්‍රදේශයේ වෙරළට කිලෝමීටර් 10ත් 16ත් අතර ඔබ්බෙන් මුහුදු වැලි ඝන මීටර් මිලියන 04 ක් කැනීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති බව සඳහන්වේ.
