කුල දරුවන් 300ක් අද සසුන්ගත කරයි

කුල දරුවන් 300ක් අද සසුන්ගත කරයි

May 3, 2017   02:14 pm



 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව කුල දරුවන් දහසක් සසුන්ගත කිරීමේ ජාතික මහෝත්සවයේ සමාරම්භය අනුරාධපුර ඓතිහාසික  රුවන්වැලි මහා සෑ මළුවේදී අද(3) පෙරවරුවේ සිදු කෙරුණි.

ඒ ත්‍රෛනායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙනි.

පළමු කණ්ඩායම ලෙස කුල දරුවන් 300 දෙනෙකු සසුන්ගත කිරීම අද(3) දිනයේදී සිදුකළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වී සිටි බව සදහන්.