ප‍්‍රමිතගේ පුටුව තිලිණට
May 2, 2017 09:40 pm
ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් ක‍්‍රීඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍යධූරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත භාරදුන් බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සදහන් කළේය.
