දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත වෙන ලකුණු
May 2, 2017 08:31 pm
ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ලබන බ්‍රහස්පතින්දා (04) වැනිදා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන දෙවිනුවර ප්‍රදීපාගාරය නිර්මාණය 1887 වසරේදී නිර්මාණය කරන ලද්දකි.
ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස් මහතා එහි පුරෝගාමියා වී ඇති අතර බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක මුදලක් ඒ සඳහා වැය වී ඇත.
මහල් 07 කින් සමන්විත මෙම ප්‍රදීපාගාරයෙහි උස මීටර් 49 ක් වන අතර පඩි 196 කින් සමන් විත වෙයි.
එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර ප්‍රදීපාගාර සතරෙන් එකක් සේ සැලකෙයි.
2000 වසරේදී මෙම ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරු අතර පසුගිය කාලයේදී එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරුණේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගයන්හි පැවැති ගැටළු හේතුවෙනි.
