පළමු සාත්තු සේවිකා කණ්ඩායම අද ඊශ්‍රායල් බලා පිටත්වෙයි
May 2, 2017 05:09 pm
ඊශ්‍රායල් රාජ්‍යට පිටත්වන සාත්තු සේවිකා පළමු කණ්ඩායම අද(2) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව ඔවුන් අද(2) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම කාර්යංශය පවසයි.
ඊශ්‍රායලයට සාත්තු සේවිකාවන් යොමු කිරීමේ ව්‍යාපෘතියේ පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 08 දෙනෙකු අදාළ ගුවන් ප්‍රවේශපත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අතින් ලබාගෙන තිබේ.
ඊශ්‍රායලයට සාත්තු සේවිකාවන් 50ක් බඳවා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් පසුගිය වසරේ ඊශ්‍රායල රාජ්‍ය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අත්සන් කරනු ලැබීය.
