අත්අඩංගුවටගත් ඉන්දීය ධීවරයින් රිමාන්ඩ්

අත්අඩංගුවටගත් ඉන්දීය ධීවරයින් රිමාන්ඩ්

May 2, 2017   04:56 pm


මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගත්  ඉන්දීය ධීවරයින්  05 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ(1) දිනයේ තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටියදී  අදාළ ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජී.ඇලෙක්ස් රාජා මහතා නියෝග කළේ එම ධීවරයින් ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.