රැළියට පැමිණි 2ක් බසයෙන් වැටෙයි-1ක් මිය යයි
May 2, 2017 03:42 pm
මැයි දින රැළියක් සඳහා සහභාගී වූ පිරිස් රැගත් බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
කොළඹ කැම්බල් පිටියේ පැවති මැයි දින රැළියට සහභාගී වූ පිරිසක් රැගත් ලංගම බස් රථයක් අද(2) අළුයම 2ට පමණ සීගිරිය බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්වේ.
එහිදී මගීන් පිරිසක් පිදුරංගල හන්දියෙන් බස්සවා බස්රථය හරවන අවස්ථාවේ එහි ඉදිරි පාපුවරුවේ සිටි මගියෙකු බිමට ඇද වැටී ඇති අතර ඔහු බස්රථයේ වම් පස රෝදයට යට වී ඇති බව වාර්තාවේ.
බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ සීගිරිය නව ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
මේ අතර ගාලු මුවදොර පිටියේ පැවති මැයි දින රැයට සහභාගී වී යමින් සිටි තවත් පුද්ගලයෙකු කොටුව, ඕල්කට් මාවත ප්‍රදේශයේදී බස් රථයක පා පුවරුවෙන් ඇද වැටී තිබේ.
තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලීසිය සඳහන් කළේය.
