හොරණදී රුපියල් ලක්ෂ 31ක මුදලක් කොල්ලකයි
May 2, 2017 03:29 pm
හොරණ - අරමානගොල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මුදල් තැන්පත් කිරීමට සඳහා බැංකුවවෙත රැගෙන යාමේදී ලක්ෂ 31ක මුදලක් කොල්ල කා ඇති බව වාර්තාවේ.
අද (2) පස්වරුවේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් යුතු පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මුදල් ගෙන යමින් සිටි පුද්ගලයින් හට පිස්තෝලයක් පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
