සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

May 2, 2017   02:33 pm



සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 15 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය පැවසුවේය.

ඊයේ(1) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ අලියා ලාංඡනයට එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු මෙම වෙඩි තැබීම චේතනාන්විතව සිදුකරන ලද්දක්ද නැතහොත් අපරීක්ෂාකාරී ලෙස ක්‍රියා කිරීමෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන සිදුකරන බවය.

එමෙන්ම මෙම නිලධාරියා අධිකරණය මඟින් මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව ද පොලිසිය පවසයි.