සයිටම් නිසා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින් 5දා වර්ජනයේ
May 2, 2017 01:51 pm
සයිටම් ගැටළුව මූලික කරගනිමින් එළඹෙන මැයි මස 05 වන දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මෙම වැඩ වර්ජනය සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රැසක සහභාගිත්වයෙන් යුතුව පවත්වන බව හෙතෙම අද (02) හෝමාගම රජයේ රෝහල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.
සයිටම්හි වෛද්‍ය සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා හෝමාගම රෝහල ලබාදීමට තීරණයක් ගෙන තිබීම සම්බන්ධයෙන් විරෝධය දක්වනු පිණිස හෝමාගම රෝහල ඉදිරිපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේවන විට විරෝධතා රැළියක් පවත්වනු ලබයි.
