LTTEට මිලියන 2ක් දුන් අය ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි
May 1, 2017 06:32 pm
වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා L.T.T.E.ට මිලියන 2 ක් දුන් බවත්, මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමිනි.
වසර 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණෙද්දී මීතොටමුල්ල කුණු කන්දේ උස මීටර් 15 ක් වූ බවත් එය වත්මන් රජයට බාරදෙනවිට එහි උස මීටර් 45 ක් වූ බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
වත්මන් රජය සමයේ මීතොටමුල්ල කුණු කන්දේ උස වැඩි වූයේ මීටර් 3කින් පමණක් බවද ඒ මහතා කීවේය.
මීතොටමුල්ල කුණු කන්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කරුමයක් බවත්, එය දැන් වත්මන් රජය පිට පැටවීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා මැයි දින රැළියේදී කීවේය.