වෙසක් පෝය 20ක් ගියත් රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නෑ

වෙසක් පෝය 20ක් ගියත් රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නෑ

May 1, 2017   05:54 pm


වෙසක් පෝය දෙකකින් බලය ලබා ගන්නා බවට හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් වෙසක් පෝය දෙකකින් නොව පෝය 20කින්වත් රාජපක්ෂවරුන්ට නැවතත් බලයට පැමිණිය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වන එජාප මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “ පෝය දෙකේ කතාව වෙනස් වෙලා. වෙසක් පෝය දෙකක් බවට පත්වුණා. මහින්ද මහත්තයෝ මැද මුලනට අපි ජනවාරි 8 උත්තරය දුන්නා. වෙසක් පෝය විස්සකින්වත් රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නෑ.


“ පළාත් පාලන හා පළාත් සභා මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරුන්ගේ බලකොටු සියල්ල් සුන්නද්දූලි වෙලා යනවා. අපි වෙන්ව ඡන්ද කළත් එක්ව ආණ්ඩු කරනවා. 2020 වෙනකම් මේ පාලනය ගෙනියනවා" යැයි ඔහු පැවැසීය.