බල ගින්නටත් විසඳුම් දෙන්න අපි සූදානම්!
May 1, 2017 05:24 pm
ඇතැම් පිරිස් මේ වන විට බල ගින්නෙන් පෙළෙන බවත්, ඔවුන්ගේ බල ගින්නට ඉදිරියේදී අවශ්‍යනම් විසඳුම් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කැම්බල් පිටියේ පැවැත්වෙන එජාප මැයි රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළ බවත්, එම මුදල ආණ්ඩු හතරකින්වත් වැඩි කළ නොහැකි ගණනක් බවත් ඒ මහතා පෙන්වා දුනි.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය "බලගින්නෙන් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්! නැගිටියව් ! බඩගින්නට වගේ බලගින්නටත් අපිට විසඳුම් තියෙනවා. අවශ්‍යනම් ඉදිරියේදී දෙන්නම්"
“ කුණු සම්බන්ධයෙන්, අලියෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි ආණ්ඩුව අද විහිළු කරනවා. කවුරුත් එක්ක විහිළුකළත් වැඩ කරන ජනතාව සමඟ විහිළු කරන්න එන්න එපා කියා අපි කියනවා. රනිල් - මෛත්‍රී හවුලට අපි කියනවා වැඩකරන ජනතාවගේ අරගල මර්දනය කරන්න ලෑස්ති වෙන්න එපා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න බැරි පාලකයන්ට ඇති එකම උත්තරය මර්දනය තමයි. අපි ආණ්ඩුවට අභියෝග කර කියනවා උඹලා මර්දනය ගෙන එනවා නම් ඊට මුහුණ දෙන්න අපි සූදානම්. වැඩ කරන ජනතාව ජයග්‍රහණය කරන එක සහතිකයි. “
“ අද අපි මුහුණ දෙන ප්‍රශ්න ගණනක් තිබෙනවා. පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න, රාජ්‍ය ආයතන විකුණන්න මේ ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. අපි රනිල්ලටයි, මෛත්‍රීලටයි මැයි මාසයේ වැඩවර්ජනයක් දෙනවා. අපිට ආණ්ඩුබලයක් නැතිව මෛත්‍රීලගේ රනිල්ලගේ කණ මිරිකලා දණගස්වලා විදුලිබල මණ්ඩලයේ මෑන්පරවර් සේවකයන් 7000ක් ස්ථිර කර ගත්තා“ යයිද ලාල් කාන්ත මහතා පැවසීය.
