ජාත්‍යන්තරව ලැබි ඇති සහයෝගය නිසා ජි.එස්.පී ප්ලස් සහන ලැබුණා
April 29, 2017 10:02 pm
වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට ජාත්‍යන්තරව ලැබි ඇති සහයෝගය හේතුවෙන් මෙරටට ජි.එස්.පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට අවස්ථාව හිමි වූ බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය .
මේ අතර එළඹන මැයි මාසය වන විට මෙරටට ජි.එස්.පී ප්ලස් බදු සහනය ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද(29) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය .
මේ අතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වන කාරනා ඉතා වගකීතමෙන් යුතුව තමන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.