ෆොන්සේකාගේ තනතුර ගැන වැරදි ප්‍රචාර පතුරවනවා
April 29, 2017 09:53 pm
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට යන තනතුර සම්බන්ධව විවිධ පාර්ශව වැරදි ප්‍රචාර පතුරවමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාර්ගයෙන් වෘත්තිය සමිති මර්දනය කිරීමට රජය උත්සහදරන බවට සිදු කරන ප්‍රකාශ සම්පූර්ණ අසත බවය.
හම්බන්තොට, කට්ටකඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය .