ගංජා කිලෝ 18 සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

ගංජා කිලෝ 18 සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

April 29, 2017   02:28 pm


තණමල්විල, ඇඹිලිපිටියාන ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වියළි ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා බුත්තල කඳවුරේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

එහිදී ඔවුන් සතුව තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 18ක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කරයි.