ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

April 29, 2017   11:44 am



එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙළ සහ ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

ජනාධිපති කාර්යාලයේදී අදාළ සාකච්ඡා  පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව මැයි මස 12,13 සහ 14 යන දිනවලදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

මෙහි සමාරම්භක උත්සවය මැයි මස 12 වන  දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර ඉන්දීය අග්‍රමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ලොව බෞද්ධ රටවල විශේෂ නියෝජිතයින් රැසක් මීට සහභාගී වනු ඇත.

සමාප්ති උත්සවය මහනුවර ඵෛතිහාසික දළදා මාලිගාවේදී පැවැත්වීමට නියමිතය.

මැයි මස 07 වනදා සිට 13 වනදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම සතිය තුළදී දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

මීට සමගාමීව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දියවන්නා වෙසක් කලාපය ද දින 05ක් මුළුල්ලේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රය අසලදී පැවැත්වෙනු  ඇත.

මෙම වැඩසටහන්වල සංවිධාන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ලොව පුරා බෞද්ධ ජනතාවගේ සිත් සතන් පහන් වන අයුරින් හා සම්බුදු දහමේ පණිවුඩය ලොවට රැගෙනයමින් මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.