සොරකම් රැසකට සම්බන්ධ 2ක් අල්ලයි
April 28, 2017 08:47 am
දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදු වූ සොරකම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක සහ සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස නොවිසදුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරුවන් විසින් සොරා ගන්නා ලද ජංගම දුරකථන 14ක්, ටැබ් යන්ත්‍රයක් සහ රුපියල් 40,000ක මුදලක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකාරිය සහ සැකකරු 28 හැවිරිදි සහ 29 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස නොවිසදුණු අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.